YouVersion Logo
Search Icon

මාර්ක් 7:8-13

මාර්ක් 7:8-13 SCV

නුඹලා දෙවියන්වහන්සේගේ ආඥා ඉවත ලා, මිනිසුන්ගේ සම්ප්‍රදායයන්වල එල්ලෙනවා යැ” යි පැවසූ සේක. තවද උන්වහන්සේ ඔවුන් අමතමින්, “ඔබේ සම්ප්‍රදායයන් ස්ථාපිත කර ගන්නට දෙවියන්වහන්සේගේ ආඥා ප්‍රතික්ෂේප කිරීමට අපූරු මාර්ගයක්නේ ඔබට තියෙන්නේ. මන්ද මෝසෙස් පවසා ඇත්තේ, ‘ඔබේ පියාටත්, ඔබේ මවටත් ගෞරව කරන්න’ කියා හා ‘තම පියාට හෝ මවට ශාප කරන කවරකු වුව මරණයට පත් කළ යුතු ය’ කියා ය. එහෙත් නුඹලා කියන්නේ මිනිසකු තම පියාට හෝ මවට කතා කොට, ‘ඔබට දෙන්නට තිබෙන යමක් වේ ද, එය කොර්බාන්’ (එනම් දෙවියන්වහන්සේට කැප කළ පඬුරකි) කියයි නම්, එතැන් පටන් ඔහුගේ පියාට හෝ මවට කිසි ම දෙයකින් උදවු කිරීමට නුඹලා ඉඩ දෙන්නේ නැත. මෙලෙස නුඹලා ම පවරනු ලබන නුඹලාගේ සම්ප්‍රදායයන් උදෙසා දෙවියන්වහන්සේගේ වචනය අවලංගු කරන නුඹලා තවත් මෙවැනි බොහෝ දෑ ද කරති” යි පැවසූ සේක.

Free Reading Plans and Devotionals related to මාර්ක් 7:8-13