YouVersion Logo
Search Icon

මීකා 7:8-13

මීකා 7:8-13 SCV

මගේ සතුරනි, මගේ වැටීම ගැන සොම්නසින් නො බලනු! මා වැටී සිටිය ද, මම නැගිටින්නෙමි. මා අඳුරේ හිඳ සිටිය ද, ස්වාමින්වහන්සේ මට ආලෝකය වන සේක. උන්වහන්සේට එරෙහිව මා පව් කළ බැවින්, මම ස්වාමින්වහන්සේගේ උදහස දරන්නෙමි. ඒ, උන්වහන්සේ මා වෙනුවෙන් කතා කොට, මට යුක්තිය ඉටු කර දෙන තෙක් ය. උන්වහන්සේ ආලෝකයට මා ගෙන එන සේක; මම උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දකින්නෙමි. එවිට මගේ සතුරා එය දකිනු ඇත; දැක, ලජ්ජාවෙන් පිරෙනු ඇත. මන්ද, “කෝ! නුඹේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කොහේ දැ?” යි මට සමච්චල් කළේ ඒ අයයි. ඇගේ වැටී යෑම මගේ ම දෑසින් මම දකින්නෙමි; වීථිවල ගොහොරු මඩ මෙන් දැන් ඈ පාගා දැමේ. ඔබගේ පවුරු ගොඩ නගන දවසකි! ඒ දවසේ ඔබගේ දේශ සීමා පුළුල් කෙරේ. ඒ දවසේ අසිරියාවේ සිට ඊජිප්තුවේ පුර නගර දක්වා, ඊජිප්තුවේ සිට ගංගාව දක්වා, ඒ මුහුදේ සිට මේ මුහුද දක්වා, ඒ කන්දේ සිට මේ කන්ද දක්වා ජනී ජනයා ඔබ වෙත එන්නෝ ය. මහ පොළොව ජනශූන්‍ය ව යන්නේ ය; එසේ වන්නේ පොළෝ වාසීන් නිසා ය; ඔවුන්ගේ ක්‍රියාවල ඵලවිපාක නිසා ය.

Related Videos

Verse Image for මීකා 7:8-13

මීකා 7:8-13 - මගේ සතුරනි, මගේ වැටීම ගැන සොම්නසින් නො බලනු!
මා වැටී සිටිය ද, මම නැගිටින්නෙමි.
මා අඳුරේ හිඳ සිටිය ද,
ස්වාමින්වහන්සේ මට ආලෝකය වන සේක.
උන්වහන්සේට එරෙහිව මා පව් කළ බැවින්,
මම ස්වාමින්වහන්සේගේ උදහස දරන්නෙමි.
ඒ, උන්වහන්සේ මා වෙනුවෙන් කතා කොට,
මට යුක්තිය ඉටු කර දෙන තෙක් ය.
උන්වහන්සේ ආලෝකයට මා ගෙන එන සේක;
මම උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දකින්නෙමි.
එවිට මගේ සතුරා එය දකිනු ඇත;
දැක, ලජ්ජාවෙන් පිරෙනු ඇත.
මන්ද, “කෝ! නුඹේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කොහේ දැ?” යි
මට සමච්චල් කළේ ඒ අයයි.
ඇගේ වැටී යෑම මගේ ම දෑසින් මම දකින්නෙමි;
වීථිවල ගොහොරු මඩ මෙන්
දැන් ඈ පාගා දැමේ.

ඔබගේ පවුරු ගොඩ නගන දවසකි!
ඒ දවසේ ඔබගේ දේශ සීමා පුළුල් කෙරේ.
ඒ දවසේ අසිරියාවේ සිට ඊජිප්තුවේ පුර නගර දක්වා,
ඊජිප්තුවේ සිට ගංගාව දක්වා,
ඒ මුහුදේ සිට මේ මුහුද දක්වා,
ඒ කන්දේ සිට මේ කන්ද දක්වා
ජනී ජනයා ඔබ වෙත එන්නෝ ය.
මහ පොළොව ජනශූන්‍ය ව යන්නේ ය;
එසේ වන්නේ පොළෝ වාසීන් නිසා ය; ඔවුන්ගේ ක්‍රියාවල ඵලවිපාක නිසා ය.