මතෙව් 3:15-17
මතෙව් 3:15-17 SCV
එහෙත් යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “දැනට ඉඩ දෙන්න; මන්ද සියලු ධර්මිෂ්ඨකම් මෙලෙස ඉටු කිරීම අපට යෝග්‍ය යැ” යි කී සේක. එවිට යොහන් ඊට එකඟ විය. යේසුස්වහන්සේ බව්තීස්ම කරනු ලැබ, එකෙණෙහි ම දියෙන් පිටතට ආ සේක. එවිට මෙන්න! ස්වර්ගය විවර ව, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් පරෙවියකු ලෙස බැස අවුත් තමන් පිට නවතිනු උන්වහන්සේ දුටු සේක. තවද, “මේ මා ප්‍රේම කරන මගේ පුත්‍රයාණෝ ය; ඔහු කෙරේ මම ඉතා ප්‍රසන්න ව සිටිමි” යි පවසන හඬක් අහසින් විය.





