YouVersion Logo
Search Icon

මතෙව් 22:10-14

මතෙව් 22:10-14 SCV

සේවකයෝ මං මාවත්වලට ගියෝ, හොඳ හෝ නරක හෝ තමනට හමු වූ සියල්ලන් රැස් කළෝ ය. මෙසේ මංගල සාද ශාලාව අමුත්තන්ගෙන් පිරී ගියේ ය. “එහෙත් රජු, අමුත්තන් දකින්නට පැමිණි කල, මංගල උත්සව ඇඳුමින් තොර මිනිසකු සිටිනු දුටුවේ ය. රජු ඔහු අමතමින්, ‘මිත්‍රය, මංගල ඇඳුම් නොමැතිව ඔබ මෙතැනට ආවේ කොහොම දැ?’ යි ඇසී ය. මිනිසාට කතා නැති විය. “එවිට රජු තම සේවකයින්ට කතා කොට, ‘මොහුගේ අත්, පා බැඳ, හැඬීමත්, දත්මිටි කෑමත් ඇති පිටත අන්ධකාරයෙහි හෙළනු’ යි කී ය. “මන්ද ඇරියුම් ලබන්නෝ බොහෝ ය; එහෙත් තෝරාගනු ලබන්නෝ ස්වල්පයැ” යි පැවසූ සේක.

Free Reading Plans and Devotionals related to මතෙව් 22:10-14