YouVersion Logo
Search Icon

මතෙව් 21:5-9

මතෙව් 21:5-9 SCV

“ ‘මෙන්න, ඔබේ රජ නිහතමානී ව, බූරුවකු පිට නැගී, බූරු වස්සකු පිට ඔබ වෙත එතැ’ යි සියොන් දියණියට කියන්න” යනුයි. ගෝලයෝ පිටත් ව ගොස්, ඔවුනට යේසුස්වහන්සේ කියා දුන් පරිදි කළහ. ඔවුහු බූරු දෙන හා වස්සා ගෙන අවුත්, තමන්ගේ උඩු කබා උන් පිට අතුළහ. උන්වහන්සේ ඒ පිට හිඳගත් සේක. අති මහත් ජනකායක් තම උඩු කබා මහ මග අතුළහ. සෙස්සෝ ගස්වල අතු කපා, ඒවා මග දිගේ අතුළහ. උන්වහන්සේට පෙරටුව හා උන්වහන්සේට පිටුපසින් ගමන් ගත් ජනතාවෝ, “දාවිත්ගේ පුතණුවන්ට හෝසන්නා!”

Free Reading Plans and Devotionals related to මතෙව් 21:5-9