YouVersion Logo
Search Icon

මලාකී 4:1-3

මලාකී 4:1-3 SCV

“මෙන්න! ඒ දවස පැමිණේ. එය පෝරනුවක් මෙන් ඇවිළේ. සියලු අහංකාරීන් හා දුෂ්ටකම් කරන හැමකකු ම පිදුරු ය. පැමිණෙන ඒ දවස ඔවුන්ට ගිනි තබනු ඇතැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. “එවිට ඔවුන්ට මුලක්වත්, අත්තක්වත් ඉතිරි වන්නේ නැත. එහෙත් මගේ නාමයට ගෞරව දක්වන ඔබට, දමිටුකමේ හිරු, තම පියාපත්වල සුවය දරාගෙන උදාවන්නේ ය. එවිට ඔබ, ගාලෙන් ලිහා එළිමහනට යැවූ වසු පැටවුන් මෙන් දුවනු පනිනු ඇත. එවිට ඔබ දුෂ්ටයින් පයින් පාගා දමනු ඇත. ඔවුන් ඔබේ යටි පතුල් යට අළු බවට පත් වන්නේ ය. එසේ වන්නේ මා මේ දෑ සූදානම් කරන දවස්හි දී යැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක.