ලූක් 8:52-55
ලූක් 8:52-55 SCV
සියල්ලන් ම සිටියේ ඈ ගැන හඬමිනි; වැලපෙමිනි. “ඔය හැඬීම නවත්වන්න. ඈ නිදනවා විනා මැරී නැතැ” යි යේසුස්වහන්සේ පැවසූ සේක. ඈ මැරී සිටි වග දත් ඔවුහු උන්වහන්සේට සිනාසුණහ. එහෙත් උන්වහන්සේ ඇගේ අත අල්ලා, “දියණිය නැගිටින්නැ!” යි පැවසූ සේක. ඇගේ ප්‍රාණය ආපසු හැරී ආයෙන්, ඈ එක්වන ම නැගී සිටියා ය. ඇයට කෑමට යමක් දෙන්නැයි උන්වහන්සේ කී සේක.





