ලූක් 2:28-35
ලූක් 2:28-35 SCV
එතුමාණන් තම දෝතින් වඩාගත් සිමියොන් මෙසේ කියමින්, දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන්නට වන්නේ ය: “ස්වාමින්වහන්ස, ඔබගේ වචනය ලෙස, ඔබගේ දාසයාට සාමයෙන් යන්නට දැන් ඔබ ඉඩ දෙන සේක; මන්ද මගේ දෑස, ඔබගේ ගැලවීම දැකගත්තේ ය. සියලු ජනයා ඉදිරියේ, ඔබ පිළියෙල කළ මෙතුමෝ, අන් ජාතීන්ට එළිදරවු වීමට එළියකි; ඔබගේ ඉශ්‍රායෙල් ජනයාට තේජසකි.” දරුවා ගැන කී දෑ ඇසූ එතුමාණන්ගේ පියා ද මව ද විස්මිත වූහ. ඉන්පසු ඔවුනට ආශිර්වාද කර, ඔහුගේ මව වූ මරියා ඇමතූ සිමියොන්, “මේ දරුවා ඉශ්‍රායෙල්හි බොහෝ දෙනකුගේ වැටීම හා නැගිටීම පිණිසත්, එරෙහිව කතා කරනු ලැබීමේ ලකුණක් පිණිසත් නියම ව සිටින්නේ, බොහෝ දෙනකුගේ යටි සිතුවිලි එළිදරවු වන පිණිස ය. තවද ඔබේ හදවත අසිපතෙකින් සිදුරු වනු ඇතැ” යි පැවසී ය.

![[Uniqueness of Christ] Jesus' Unique Role ලූක් 2:28-35 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F34539%2F1440x810.jpg&w=3840&q=75)



