ලෙවී 4:27-31
ලෙවී 4:27-31 SCV
“ ‘සාමාන්‍ය වැසියෙක්, ස්වාමින්වහන්සේගේ ආඥාවලින් එකකින් තහනම් කර ඇති දෙයක් කිරීමෙන්, නො දැනුවත් ව පව් කරයි නම්, ඔහු වරදකරුවකු වෙයි. ඔහුගේ පාපය ඔහුට දන්වනු ලැබූ කල, තමා කළ පාපය උදෙසා පූජාවක් කොට, ඔහු කැළැල් රහිත එළිච්චියක ගෙන ආ යුතු ය. එවිට ඔහු පාප පූජා සතාගේ හිස මත අත තබා, ඉන්පසු දවන යාග පූජා සතුන් මරන ස්ථානයේදී ඌ මැරිය යුතු ය. එවිට පූජකයා ලේ ස්වල්පයක් තම ඇඟිල්ලට ගෙන, දවන යාග පූජාසනයේ අං මත ඒ ලේ ගා, ඉතිරි ලේ, පූජාසනය පාමුල වත් කළ යුතු ය. ඉන්පසු, ශාන්ති පූජාවේ මේදය ඉවත් කරන පරිදි උගේ මුළු මේදය ඉවත් කොට, ස්වාමින්වහන්සේට මිහිරි සුවඳක් කොට පූජකයා ඒවා පූජාසනය පිට දවාලිය යුතු ය. මෙසේ පූජකයා, ඒ මිනිසා උදෙසා පාප වන්දි නිවාරණය ඉටු කරයි. එසේ ඔහුට කමා කෙරේ.



