YouVersion Logo
Search Icon

ලෙවී 16:29-34

ලෙවී 16:29-34 SCV

“මෙය ඔබට සදාතනික නියෝගයකි: හත් වන මස දහ වන දින, ඔබ, ඔබ ම යටහත් කර ගත යුතු ය. පුරවැසියකු වේවා, ඔබ අතර සිටින විදෙස්සකු වේවා එදින කිසි වැඩක් නො කළ යුතු ය. මන්ද, ඒ දවසේ ඔබ පවිත්‍ර කරන පිණිස, ඔබ උදෙසා පාප වන්දි නිවාරණයක් කෙරේ. එවිට ස්වාමින්වහන්සේ හමුවේ ඔබේ සියලු පාපවලින් ඔබ පවිත්‍ර වන්නේ ය. එය සම්පූර්ණ විවේකී සබතකි. ඔබ, ඔබ ම යටහත් කර ගත යුතු ය. එය සදාතනික නියෝගයකි. තම පියාගේ ඇවෑමෙන්, උත්තම පූජක නිලයට ආලේප ලබා, පූජකවරයට පත් වන පූජකයා පාප වන්දි නිවාරණය සැලසිය යුතු ය. ඔහු ශුද්ධ හණ වස්ත්‍රයෙන් සැරසී, අතිශුද්ධස්ථානය ද හමුවීමේ කූඩාරම ද පූජාසනය ද පූජකයින් ද මුළු ජන සමාජය ද උදෙසා පාප වන්දි නිවාරණය සලසයි. “මෙය ඔබට සදාතනික නියෝගයකි. ඉශ්‍රායෙල් ජනයාගේ සියලු ම පාප උදෙසා පාප වන්දි නිවාරණය සැලසිය යුත්තේ, අවුරුද්දකට එක් වරෙකි.” ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ම එම කටයුතු සිදු කෙරිණ.

Related Videos

Free Reading Plans and Devotionals related to ලෙවී 16:29-34