YouVersion Logo
Search Icon

විලාප ගී 3:58-66

විලාප ගී 3:58-66 SCV

අහෝ සමිඳුනි, ඔබ මා උදෙසා කරුණු කී සේක්, මගේ ජීවිතය මුදා ගත් සේක. අහෝ ස්වාමින්වහන්ස, මට කරන ලද අසාධාරණය ඔබ දුටු සේක; මට යුක්තිය ඉටු කර දුන මැනව. ඔවුන්ගේ සියලු පළිගැනීම් ද මට එරෙහි ඔවුන්ගේ සියලු කුමන්ත්‍රණ ඔබ දුටු සේක. අහෝ ස්වාමින්වහන්ස, ඔවුන්ගේ අවලාද, මට එරෙහි ඔවුන්ගේ සියලු කුමන්ත්‍රණ, මගේ සතුරන් මට එරෙහිව දවස මුළුල්ලේ කොඳුරමින්, නැගූ මැසිවිලි ඔබ ඇසූ සේක. බැලුව මැනවි, හිඳ ගත්ත ද සිට ගත්ත ද ඔවුන් කරන්නේ තම කවි සින්දුවලින් මට සරදම් කිරීම ය. ඔවුන් තම අත්වලින් කළ දෑට හිමි නිසි දඬුවම් ඔවුන්ට දුන මැනව, අහෝ ස්වාමින්වහන්ස. ඔවුන්ගේ හදවත් ගල් කළ මැනව; ඔබගේ ශාපය ඔවුන් පිට වේවා! කෝපයෙන් ඔවුන් ලුහුබැඳ ගොස්, ස්වාමින්වහන්සේගේ අහස යටින් ඔවුන් අතු ගා දැමුව මැනව.

Video for විලාප ගී 3:58-66

Free Reading Plans and Devotionals related to විලාප ගී 3:58-66