YouVersion Logo
Search Icon

යෝනා 1:7-10

යෝනා 1:7-10 SCV

ඉන්පසු නැවියෝ, එකිනෙකා අමතමින්, “එමු; මේ විපත්තියට වගකිව යුත්තා කවුරුදැයි දැනගන්නට අපි පස ඇට දමමු” යි කීහ. ඔවුහු එසේ පස ඇට දැමූහ. පස ඇටය වැටුණේ යෝනාට ය. එවිට ඔවුහු ඔහු අමතා, “මේ කරදර අප පිට ආවේ කවුරුන් නිසා දැයි අපට කියනු! මොකක් ද නුඹේ රැකියාව? නුඹ එන්නේ කොහේ සිට ද? නුඹ කුමන රටේ ද? කුමන ජාතියේ දැ?” යි ඇසූහ. යෝනා පිළිතුරු දෙමින්, “මම හෙබ්‍රෙව්වෙක්මි; මුහුදත්, ගොඩ බිමත් මැවූ ස්වර්ගයේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කෙරෙහි භය ඇත්තෙක්මි” යි කීවේ ය. එයින් අතිශය භයට පත් ඔවුහු, “මොකක් ද මේ නුඹ කළේ?” යි ඇසූහ. ඔහු ස්වාමින්වහන්සේ අබියසින් පලා යමින්, සිටින වග, ඔවුහු දැන සිටියහ. ඒ වග, ඔහු ඔවුනට කියා තිබිණි.

Free Reading Plans and Devotionals related to යෝනා 1:7-10