යෝනා 1:11-16
යෝනා 1:11-16 SCV
එබැවින් ඔවුහු, “මුහුද අපට නිශ්චල වන පිණිස, අප ඔබට කුමක් කළ යුතු දැ?” යි ඔහුගෙන් ඇසූහ. මන්ද මුහුද වඩ වඩා ප්‍රචණ්ඩ වෙමින් තිබිණි. “මා ඔසවා, මුහුදේ හෙළන්න. එවිට මුහුද නිශ්චල වේවි. මේ මහ කුණාටුවට ඔබ හසු වූයේ, මා නිසා වග මම දනිමි” යි ඔහු කීවේ ය. කෙසේ වුව ද නැව ආපසු ගොඩට පද වන්නට ඒ මිනිස්සු මහත් වෙහෙසක් දරා, හබල් ගෑහ. එහෙත් එය කළ හැකි නො වූයේ, ඔවුන්ට එරෙහිව මුහුද වඩ වඩා ප්‍රචණ්ඩ වූ බැවිනි. එබැවින් ඔවුහු ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, මේ මිනිසාගේ ජීවිතය නිසා, අප විනාශ වන්නට ඉඩ නෑරිය මැනව. නිදොස් ලේ ගැන අප වරදකරුවන් නො කළ මැනවි. මන්ද අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ ක්‍රියා කර ඇත්තේ ඔබට මනාප පරිද්දෙනි” යි කීහ. ඉන්පසු ඔවුහු යෝනා අල්ලා, මුහුදේ හෙළූහ. එවිට මුහුදේ සැඩගතිය නැවතිණි. එවිට ඒ මිනිස්සු ස්වාමින්වහන්සේට අතිශය භය වූවෝ, ස්වාමින්වහන්සේට පූජාවක් ඔප්පු කොට, බාර වූහ.





