යෝබ් 31:16-20
යෝබ් 31:16-20 SCV
“දුප්පතුන් ආශා කළ දෑ මම ඔවුන්ට නො දී සිටියෙම් ද? වැන්දඹුවකගේ ඇස් දුක් කඳුළින් බර වෙන්නට ඉඩ හැරියෙම් ද? පියා අහිමි අනාථ දරුවන් හා බෙදා නො ගෙන මගේ ආහාර පංගුව මම තනි ව භුක්ති වින්දෙම් ද– එහෙත්, මගේ යොවුන් වියේ පටන් ම මම පියකු මෙන් ඔහු ඇතිදැඩි කළෙමි. මගේ උපතේ පටන් මම වැන්දඹුවනට මඟපෙන්වීමි– ඇඳුම් නොමැතිකමින් යමෙක් මියෙන වග මා දුටු කල නැතහොත් උණුසුම් කබායක් නැති දුප්පතකු දුටු කල මගේ බැටළුවන්ගේ ලොම්වලින් තම ගත උණුසුම් වීම නිසා ඔහුගේ හදවත මට ආශිර්වාද නො කළේ නම්





