YouVersion Logo
Search Icon

යොහන් 8:10-12

යොහන් 8:10-12 SCV

යේසුස්වහන්සේ කෙළින් වී සිට, ඇය අමතමින්, “කෝ ඔවුන් කොහේ ද? කවුරුවත් ඔබ වරදකරු කළේ නැද්දැ?” යි ඇසූ සේක. “කවුරුවත් නෑ ස්වාමිනි” යි ඈ කීවා ය. “මමත් ඔබට වරද නො තබමි. යන්න, ආයෙත් පව් නො කරන්නැ” යි යේසුස්වහන්සේ පැවසූ සේක. යේසුස්වහන්සේ යළිත් ජනයා අමතමින්, “ලෝකයේ ආලෝකය මමයි. මා අනුගමන කරන කවරකු වුවත්, අන්ධකාරයේ ගමන් කරන්නේ නැතිවාත් හැර, ජීවනයේ ආලෝකය ලබන්නේ යැ” යි පැවසූ සේක.