YouVersion Logo
Search Icon

යොහන් 5:1-5

යොහන් 5:1-5 SCV

පසුව, යුදෙව්වරුන්ගේ මංගල්‍යයක් වූයෙන්, යේසුස්වහන්සේ යෙරුසලමට ගිය සේක. යෙරුසලම්හි බැටළු දොරටුව ළඟ හෙබ්‍රෙව් බසින්, “බෙතෙස්දා” නමින් පොකුණක් ද ඒ පොකුණ වටා ආවරණ සහිත ආරුක්කු පහක් ද වෙයි. කොර, අන්ධ, අංසබාග ආදී ආබාධිත සමූහයක් ඒවායේ වැතිර, රැඳී වුන්හ. ඔවුන් එසේ සිටියේ දේව දූතයෙක් පැමිණ, කලින් කල පොකුණ කලඹතැයි ද එසේ කැළැතූ දියට මුලින් ම බට කවර රෝගියකු වුව සුව වෙතැයි ද යන විශ්වාසයට අනුව දිය කැළතෙන තෙක් ය. තිස්අට වසරක් ගිලන් ව සිටි මිනිහෙක් ද එහි වූයේ ය.