යෙරමියා 4:19-22
යෙරමියා 4:19-22 SCV
අහෝ මගේ සන්තාපය, මගේ සන්තාපය! මම වේදනාවෙන් ඇඹරෙමි! අහෝ මගේ හදවතේ සන්තාපය! මගේ හදවත වේගයෙන් ස්පන්දනය වෙයි. මට නිහඬ ව සිටිය නො හැක. මන්ද යුද්ධයට අනතුරු ඇඟවීමේ හොරණෑ නාදය මට ඇසේ. විනාශය පිට විනාශයකි; මුළු මහත් දේශය ම නාස්තියට හැර තිබේ. එක් සැණෙකින් මගේ කූඩාරම් වනසා දැමිණ. මගේ ආවරණ එක් මොහොතකිනි. තව කොතෙක් කල් මා යුද්ධ ධජ දැකිය යුතු ද? හොරණෑ නාද ඇසිය යුතු ද? “මන්ද මගේ ජනයා අනුවණයෝ ය. ඔවුන් මා හඳුනන්නේ නැත. ඔවුහු අඥාන දරුවෝ ය. ඔවුනට වැටහීමක් නැත. නපුර කරන්නට ඔවුහු රුසියෝ ය. යහපත කරන්නේ කෙසේදැයි ඔවුහු නො දනිති.”



