යෙරමියා 36
36
පත් ඉරු පොත
1යොෂීයාගේ පුත්, යූදාහි රජු වූ යෙහෝයාකීම්ගේ හතර වන අවුරුද්දේ, ස්වාමින්වහන්සේ වෙතින් මේ වචනය යෙරමියා වෙත පැමිණියේ ය: 2“ඇකුළුම් පොතක් ගෙන, යොෂීයාගේ රාජ සමයේ, මා ඔබට කතා කරන්නට පටන් ගත් කාලයේ පටන් මේ දක්වා ඉශ්‍රායෙල් ගැනත්, යූදා ගැනත්, සෙසු සියලු ජාතීන් ගැනත් මා ඔබට පැවසූ වචන එහි ලියන්න. 3මා ඔවුන් පිට පැමිණවීමට සැලසුම් කළ හැම විපත්තියක් ගැන ම යූදා ජනයා ඇසූ කල, ඇතැම් විට ඔවුන් හැම කෙනකු ම, තම තමාගේ දුෂ්ට මාර්ගයෙන් ඉවත හැරෙනු ඇත. එවිට ඔවුන්ගේ අයුතුකමත්, ඔවුන්ගේ පාපයත් මම කමා කරන්නෙමි.”
4එවිට යෙරමියා, නේරියාගේ පුත් බාරුක් කැඳවී ය. ස්වාමින්වහන්සේ ඔහුට පවසන ලද සියලු වචන යෙරමියා කියවද්දී, බාරුක් ඒවා පත් ඉරු පොතෙහි ලීවේ ය. 5ඉන්පසු යෙරමියා බාරුක්ට අණ කරමින්, “ස්වාමින්වහන්සේගේ ගෘහයට යෑම මට තහංචි පනවා වළකා ඇත. 6එබැවින් නිරාහාරශීල දවසක ඔබ ස්වාමින්වහන්සේගේ ගෘහයට ගොස්, මා කියවන විට පත් ඉරු පොතෙහි ඔබ ලියාගත් ස්වාමින්වහන්සේගේ වචන ජනතාවට ඇසෙන්නට එහිදී කියවන්න. තම නගරවල සිට පැමිණ සිටින සියලු යූදා ජනයාට ඒවා කියවන්න. 7ඇතැම් විට ඔවුන් තමන්ගේ කන්නලව්, ස්වාමින්වහන්සේ ඉදිරියට ගෙනවුත්, හැම කෙනකු ම තම තමන්ගේ දුෂ්ට මාර්ගයෙන් ඉවත හැරෙනු ඇත. මන්ද ඔවුන්ට එරෙහිව ස්වාමින්වහන්සේ ප්‍රකාශිත කෝපය හා උදහස අති මහත් යැ” යි කීවේ ය.
8නේරියාගේ පුත් බාරුක්, දිවැසිවර යෙරමියා තමාට කරන්නට අණ කළ හැම දේ කළේ ය; ස්වාමින්වහන්සේගේ ගෘහයේදී ඔහු පත් ඉරු පොතින් ස්වාමින්වහන්සේගේ වචන කියවී ය. 9යොෂීයාගේ පුත්, යූදාහි රජු වූ යෙහෝයාකීම්ගේ පස් වන අවුරුද්දේ නව වන මස යෙරුසලමේ මුළු ජනයා හා යූදා නගරවල සිට යෙරුසලමට පැමිණි මුළු ජනයා, ස්වාමින්වහන්සේ ඉදිරියෙහි නිරාහාර කාලයක් ප්‍රකාශයට පත් කළහ. 10එවිට බාරුක්, මුළු ජනතාව අසා සිටියදී ස්වාමින්වහන්සේගේ ගෘහයේ නව දොරටු පිවිසුමෙහි ඉහළ මළුවේ පිහිටි ලේකම්වරයා වූ ෂාෆාන්ගේ පුත් ගෙමරියාගේ කුටියේ සිට යෙරමියාගේ වචන පත් ඉරු පොතින් කියවී ය.
11ෂාෆාන්ගේ පුත් ගෙමරියාගේ පුත් මීකායා ස්වාමින්වහන්සේගේ වචන, ඒ පොතින් ඇසූ කල, 12රාජ මාලිගයේ වූ ලේකම්වරයාගේ කාමරයට පහළ බැස්සේ ය. සියලු නිලධාරීහු එහි හිඳ සිටියහ. ලේකම්වරයා වූ එලිෂාමා, ෂෙමායාගේ පුත් දෙලායා, අක්බෝර්ගේ පුත් එල්නාතාන්, ෂාෆාන්ගේ පුත් ගෙමරියා, හනනියාගේ පුත් සෙදෙකියා හා සෙසු සියලු නිලධාරීන් ය. 13බාරුක් පත් ඉරු පොතින් ජනතාවට කියවනු තමාට ඇසුණු සියලු වචන මීකායා ඔවුන්ට පැවසූ පසු, 14සියලු නිලධාරීහු කූෂීගේ පුත්, ෂෙලෙමියාගේ පුත්, නෙතනියාගේ පුත් යෙහූදී, බාරුක් වෙත යවමින්, “ජනයාට ඔබ කියවූ පත් ඉරු පොත රැගෙන එන්නැ” යි දැන්වූහ. එබැවින්, නේරියාගේ පුත් බාරුක් පත් ඉරු පොත තම අතින් ගෙන, ඔවුන් වෙත ගියේ ය. 15“දැන් වාඩි වී, එය අපට කියවන්නැ” යි ඔවුහු ඔහුට පැවසූහ.
එබැවින් බාරුක් එය ඔවුන්ට කියවී ය. 16ඒ සියලු වචන ඇසූ ඔවුහු භයින් එකිනෙකා දෙස බලා, බාරුක්ට කතා කොට, “අපි මේ සියලු වචන රජුට දැනුම් දිය යුතු යැ” යි කීහ. 17ඉන්පසු බාරුක්ගෙන් ප්‍රශ්න කළ ඔවුහු, “අපට කියන්න; මේ සියලු වචන ඔබ ලීවේ කෙසේ ද? ඔහු කියවද්දී, ලියුවා දැ?” යි ඇසූහ.
18බාරුක් පිළිතුරු දෙමින්, “එසේය, මේ සියලු වචන ඔහු මට ප්‍රකාශ කළේ ය. මම ඒවා තීන්තෙන් පොතෙහි ලීවෙමි” යි පැවසී ය.
19එවිට නිලධාරීහු බාරුක් අමතමින්, “නුඹත්, යෙරමියාත් ගොස්, සැඟවෙනු. නුඹලා සිටින්නේ කොහි දැයි දැනගන්නට කිසිවකුටත් ඉඩ නො තබනු” යි කීහ.
20ඉන්පසු, පත් ඉරු පොත, ලේකම් වූ එලිෂාමාගේ කුටියෙහි තැබූ ඔවුහු, මාලිග මළුවට රජු වෙත ගොස්, ඒ සියලු දෑ රජුට දැන්වූහ. 21රජු පත් ඉරු පොත ගෙනෙන පිණිස, යෙහූදී යැවී ය. යෙහූදී ලේකම් වූ එලිෂාමාගේ කුටියෙන් පත් ඉරු පොත රැගෙන අවුත්, රජුට සහ ඔහු පසෙකින් සිටගෙන සිටි සියලු නිලධාරීන්ට ඇසෙන සේ කියවී ය. 22එය නව වන මස වූ බැවින් රජු සිසිර නිවාසයෙහි වාඩි වී හුන්නේ ය. ඔහු ඉදිරිපිට ගිනි කබලෙහි ගිනි දැල්වෙමින් තිබිණ. 23යෙහූදී තීරු තුන හතරක් කියැවූ හැම විටෙක රජු ලේකම් තැනගේ පිහියෙන් ඒවා කපා, ගිනි කබලට විසි කළේ ය. මෙසේ මුළු පත් ඉරු පොත ම ගිනි කබලෙහි දවා දැමිණ. 24රජු හා ඔහුගේ සේවකයින් ඒ වචන ඇසූ නමුදු, ඒ කවරකු හෝ භය වූයේ නැත. තම හැඳිවත් ඉරා ගත්තේ ද නැත. 25පොත නුපුළුස්සන ලෙස එල්නාතාන් ද දෙලායා හා ගෙමරියා ද රජුගෙන් උදක් ම ඉල්ලූ නමුදු, රජු ඔවුන්ට සවන් දුන්නේ නැත. 26ඒ වෙනුවට රජු, ලේකම්වර බාරුක් හා දිවැසිවර යෙරමියා අත්අඩංගුවට ගන්නා ලෙස රජුගේ පුත් යෙරාමෙයෙල්ට ද අස්රියෙල්ගේ පුත් සෙරායාට ද අබ්දෙයෙල්ගේ පුත් ෂෙලෙමියාට ද අණ කළේ ය. එහෙත් ස්වාමින්වහන්සේ ඔවුන් සැඟ වූ සේක.
27යෙරමියා විසින් කට වචනයෙන් පවසන අතරේ, බාරුක් විසින් ලියන ලද වචන සඳහන් පත් ඉරු පොත, රජු දවා දැමූ පසු, ස්වාමින්වහන්සේගේ වචනය යෙරමියා වෙත පැමිණියේ ය; ඒ මෙසේ ය: 28“වෙනත් පත් ඉරු පොතක් ගෙන, යූදාහි රජු වූ යෙහෝයාකීම් විසින් පුලුස්සා දමන ලද පළමු පත් ඉරු පොතේ වූ සියලු වචන එහි ලියන්න. 29තවද, යූදා රජු වූ යෙහෝයාකීම්ට මෙසේ කියන්න: ‘ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ඔබ ඒ පත් ඉරු පොත පුලුස්සා දමමින්, “බබිලෝනියේ රජු නියතයෙන් ම එන වගත්, මේ දේශය විනාශ කර දමන වගත්, මිනිසුන් මෙන් ම සත්වයින් ද මෙතැනින් සිඳ දමනු ලබන වගත් මෙහි ලීවේ මන්දැ?” යි ඇසුවේ ය. 30එබැවින් යූදා රජු වූ යෙහෝයාකීම් ගැන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: දාවිත්ගේ සිහසුනේ හිඳගන්නට කෙනකු ඔහුට නො වනු ඇත. ඔහුගේ මළකඳ පිටත හෙළනු ලැබ, දහවල තාපයටත්, රාත්‍රියේ හිම මිදෙන ශීතලයටත් හැර දමා තිබෙනු ඇත. 31මම ඔහුටත්, ඔහුගේ දරු පරපුරටත්, ඔහුගේ සේවකයින්ටත් ඔවුන්ගේ දුෂ්ටකම්වලට දඬුවම් කරමි. ඔවුන් පිටත්, යෙරුසලමෙහි වාසය කරන්නන් පිටත්, යූදා ජනතාව පිටත් මා ඔවුන්ට එරෙහිව නිවේදන කළ හැම විපත්තියක් ම පමුණු වන්නෙමි. මන්ද ඔවුන් මට සවන් දුන්නේ නැත.’ ”
32එබැවින් යෙරමියා වෙනත් පත් ඉරු පොතක් ගෙන, එය නේරියාගේ පුත් බාරුක්ට දුන්නේ ය. යෙරමියා කියවන විට, බාරුක් යූදා රජු වූ යෙහෝයාකීම් ගින්නෙහි දවා දැමූ පත් ඉරු පොතෙහි වූ සියලු වචන එහි ලියුවේ ය. එබඳු වචන බොහොමයක් ද ඊට එක් කරනු ලැබිණ.
Currently Selected:
යෙරමියා 36: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: