යෙරමියා 27
27
නෙබුකද්නෙසර්
1යොෂීයාගේ පුත්, යූදාහි රජු වූ සෙදෙකියාගේ#27:1 සෙදෙකියාගේ ඇතැම් හෙබ්‍රෙව් සහ සිරියැක් පිටපත්වලට අනුව ය. හෙබ්‍රෙව් මසෝරි පිටපත්වල යෙහෝයාකීම් ලෙස සඳහන් වේ. රාජ සමය මුලදී, ස්වාමින්වහන්සේ වෙතින් මෙම වචනය යෙරමියා වෙත පැමිණියේ ය: 2ස්වාමින්වහන්සේ මට පැවසුවේ මෙයයි: “පටි හා හරස් ලීවලින් වියගහක් තනා, එය ඔබේ ගෙල මත තබා ගන්න. 3ඉන්පසු යූදාහි රජු වූ සෙදෙකියා වෙත යෙරුසලමට පැමිණ සිටින රාජ දූතයින් අත ඒදොම්හි රජුට ද මෝවබ්හි රජුට ද අම්මොන් පුත්‍රයන්ගේ රජුට ද තීර්හි රජුට ද සීදොන්හි රජුට ද පණිවුඩ යවන්න. 4ඔවුන්ගේ හාම්පුතුන් සඳහා වූ මෙම පණිවුඩය ඔවුන්ට දෙන්න. ‘ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: නුඹලාගේ හාම්පුතුනට මෙසේ පවසන්න: 5මගේ මහත් බලයෙන් හා දිගු කළ මගේ බාහුවෙන් යුතු ව මහ පොළොවත්, පොළෝ තලය මත සිටින මිනිසුන් හා සතුන් ද සෑදුවේ මම ය. මා කැමති කෙනකුට මම ඒවා දෙන්නෙමි. 6දැන් මේ සියලු දේශ මගේ සේවකයා වූ බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර් අතට මම බාර දුනිමි. ඔහුට සේවය කරන පිණිස වනයේ සතුන් පවා මම ඔහුට දුනිමි. 7ඔහුගේ ම දේශයේ ඉරණම් කාලය පැමිණෙන තෙක්, සියලු ජාතීන් ඔහුටත්, ඔහුගේ පුතුටත්, ඔහුගේ පුතුගේ පුතුටත් සේවය කරනු ඇත. ඉන්පසු බොහෝ ජාතීන් ද මහ රජුන් ද විසින් ඔහු යටත් කරනු ලබනු ඇත.
8“ ‘එහෙත් යම් ජාතියක් හෝ යම් රාජ්‍යයක් බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර්ට සේවය නො කරන්නේ නම් හෝ බබිලෝනියේ රජුගේ වියගහට ගෙල නොපාන්නේ නම් හෝ ඔහුගේ අතින් මම එය විනාශ කර දමන තුරු, ඒ ජාතියට මම කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද දඬුවම් කරන්නෙමියි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. 9එබැවින්, “බබිලෝනියේ රජුට නුඹලා සේවය කරන්නේ නැතැ” යි කියන නුඹලාගේ දිවැසිවරුන්ටත්, නුඹලාගේ පේන කියන්නන්ටත්, නුඹලාගේ ස්වප්නකරුවන්ටත්, ආත්ම බන්ධනකරුවන්ට හා අනවිනකරුවන්ටත් සවන් නො දෙන්න. 10ඔවුන් නුඹලාට පවසන්නේ බොරු දිවැස් පණිවුඩ ය. එයින් සිදු වන්නේ නුඹලාගේ දේශයෙන් දුර ඈතට නුඹලා ඉවත් කිරීම පමණි. මම නුඹලා පලවා හරින්නෙමි. නුඹලා විනාශ වනු ඇත. 11එහෙත් බබිලෝනියේ රජුගේ වියගහට තම ගෙල යටත් කොට ඔහුට සේවය කරන ජාතියට, තමන්ගේ ම දේශයෙහි නැවතී සිටීමට මම ඉඩ හරිමි. ඔවුන් එය අස්වද්දමින්, එහි වාසය කරනු ඇතැයි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.’ ”
12එම පණිවුඩය ම යූදාහි රජු වූ සෙදෙකියාට පවසමින්, මම මෙසේ කීවෙමි: “බබිලෝනියේ රජුගේ වියගහට ඔබේ ගෙල පාන්න. ඔහුටත්, ඔහුගේ ජනයාටත් සේවය කරන්න. එවිට ඔබ ජීවත් වනු ඇත. 13බබිලෝනියේ රජුට සේවය නො කරන කවර ජාතියකට වුව ද එරෙහිව ස්වාමින්වහන්සේ කී පරිදි ඔබත්, ඔබගේ ජනයාත් කඩුවෙන්, සාගතයෙන් හා වසංගතයෙන් මියෙන්නේ කුමට ද? 14‘ඔබ බබිලෝනියේ රජුට සේවය කරන්නේ නැතැ’ යි ඔබට කියන දිවැසිවරුන්ගේ වචනවලට සවන් නො දෙන්න. මන්ද ඔවුන් ඔබට පවසන්නේ මුසා ය. 15‘මම ඔවුන් නො එව්වෙමි’ යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ‘මගේ නාමයෙන් ඔවුහු බොරු අනාවැකි පවසති. ඉන් සිදු වන්නේ ඔබත්, ඔබට අනාවැකි පවසන දිවැසිවරුනුත් මා විසින් පලවා හරිනු ලැබීමත්, විනාශයට පත් වීමත් ය.’ ”
16ඉන්පසු මම පූජකයින්ටත්, මේ සියලු ජනයාටත් මෙසේ පැවසීමි: “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘ඔන්න! ස්වාමින්වහන්සේගේ ගෘහයේ උපකරණ බබිලෝනියේ සිට ඉක්මනින් ආපසු ගෙනෙනු ලැබේ යැ’ යි කියන දිවැසිවරුනට සවන් නො දෙන්න. අනාවැකියෙන් ඔවුන් ඔබට පවසන්නේ මුසාවකි. 17ඔවුන්ට සවන් නො දෙන්න; බබිලෝනියේ රජුට සේවය කර, දිවි රැක ගන්න. මෙම පුරවරය ජරාවාසයක් වන්නේ කුමට ද? 18ඔවුහු දිවැසිවරු නම්, ස්වාමින්වහන්සේගේ වචනය ඔවුන් වෙත වේ නම්, ස්වාමින්වහන්සේගේ ගෘහයේ ද යූදාහි රාජ මාලිගයේ ද යෙරුසලමේ ද ඉතිරි ව ඇති උපකරණ බබිලෝනියට ගෙන නො යන ලෙස සේනාංකවල ස්වාමින්වහන්සේට ඔවුන් කන්නලව් කරත්වා! 19මන්ද ලෝකඩ කුලුනු ද මුහුදු තටාකය හා රඳවන ද මෙම පුරවරයේ ඉතිරි ව ඇති සෙසු උපකරණ ද ගැන සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන්නේ, 20යෙහෝයාකීම්ගේ පුත්‍ර, යූදාහි රජු වූ යෙකොනියා ද යූදාහි හා යෙරුසලමෙහි වංශවතුන් ද බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර් විසින් යෙරුසලමේ සිට බබිලෝනියට වාලට ගෙන යද්දී, හැර දා ගිය එම උපකරණ ගැන, 21එසේය, ස්වාමින්වහන්සේගේ ගෘහයේදී යූදාහි රජුගේ මාලිගයේ ද යෙරුසලමෙහි ද ඉතිරි ව ඇති උපකරණ ගැන ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන්නේ, මෙසේ ය: 22‘ඒවා බබිලෝනියට ගෙන යනු ලබන්නේ ය. මා ඒවා සොයා බලන දවස දක්වා ඒවා එහි තිබෙනු ඇතැ’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ඉන්පසු මම ඒවා ආපසු රැගෙන අවුත්, මේ ස්ථානයෙහි ඒවා යළි පිහිටු වන්නෙමි” යි ස්වාමින්වහන්සේ පවසන සේක.
Currently Selected:
යෙරමියා 27: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: