විනිසුරුවෝ 7:2-3
විනිසුරුවෝ 7:2-3 SCV
ස්වාමින්වහන්සේ ගිඩියොන්ට කතා කළ සේක්, “මවිසින් මිදියන්වරුන් මොවුන් අතට හසුකර දීමට ඔබ ළඟ සිටින මිනිසුන් මට ඕනෑවටත් වැඩියි. ‘මගේ අත මා ගැලවී ය’ කියමින්, ඉශ්රායෙල් මට ඉහළින් උදාරම් විය හැකියි. එබැවින් දැන් ජනයාට ඇසෙන්නට කතා කොට, ‘යම් කෙනෙක් භයෙන් හා වෙවුලුමෙන් සිටී නම් ඒ අය ආපසු හැරී, ගිලියාද් කන්දෙන් පිට ව යත්වා!’ යි නිවේදන කරන්නැ” යි පැවසූ සේක. එවිට මිනිසුන්ගෙන් විසිදෙදහසක් නික්ම ගියහ. දස දහසක් ඉතිරි වූහ.





