YouVersion Logo
Search Icon

විනිසුරුවෝ 4:4-6

විනිසුරුවෝ 4:4-6 SCV

එකල ඉශ්‍රායෙල් විනිශ්චය කළේ ලප්පීදොත්ගේ බිරිඳ වූ දිවැසිවරියක වන දෙබොරා ය. ඇය අසුන් ගත්තේ එප්‍රායිම් කඳු රටේ රාමා හා බෙතෙල් අතර පිහිටි දෙබොරාගේ ඉඳිගහ යට ය. ඉශ්‍රායෙල්වරු විනිශ්චය ලබන පිණිස ඇය වෙත ආහ. නෆ්තලීහි කෙදෙෂ් වෙතින් අබිනොවම්ගේ පුත් බාරාක් කැඳවා යැවූ ඈ, ඔහු අමතමින්, “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට මෙසේ අණ කරන සේක: ‘යන්න, නෆ්තලී හා සාබුලොන් ජනයාගෙන් දස දහසක් කැඳවාගෙන, තාබෝර් කන්දට යන්න.