YouVersion Logo
Search Icon

යෙසායා 7:1-4

යෙසායා 7:1-4 SCV

උස්සියාගේ පුත්‍ර වූ යෝතාම්ගේ පුත්‍ර ආහාස්, යූදා දේශයේ රජකම් කළ දවස්හි, අරාම්හි රජු වූ රෙසීන් හා රෙමලියාගේ පුත් ඉශ්‍රායෙල් රජු වූ පෙකා, යෙරුසලමට එරෙහිව සටනට ආහ. එහෙත් ඊට එරෙහිව පහර දෙන්නට ඔවුනට නුපුළුවන් විය. “අරාම්වරුන් එප්‍රායිම් සමඟ එකතු වී ඇතැ” යි දාවිත්ගේ වංශයට දන්වන ලදී. එවිට ආහාස්ගේ හදවත හා ඔහුගේ ජනයාගේ හදවත් සැලෙන්නට වන්නේ, වනයේ ගස් සුළඟට සැලෙන්නාක් මෙනි. එවිට ස්වාමින්වහන්සේ යෙසායා අමතමින්, “ආහාස් මුණගැසෙන්නට පිටත් වන්න. ඔබත්, ඔබේ පුත් ෂෙයාර්-යාෂුබ් ද අපුල්ලන්නාගේ පිටියට යන මාවතේ පිහිටි ඉහළ පොකුණේ ජල පීල්ල කෙළවරට යන්න. ගොස්, ඔහුට මෙසේ කියන්න: ‘පරෙස්සම් වන්න, සන්සුන් වන්න. බිය නො වන්න. දුම් දමන ගිනි පෙනෙලි දෙක වන රෙසීන්ගේ හා අරාම්වරුන්ගේ ද රෙමලියාගේ පුත්‍රයාගේ ද රුදුරු කෝපය නිසා ඔබේ හද අධෛර්ය කර නො ගන්න.

Free Reading Plans and Devotionals related to යෙසායා 7:1-4