YouVersion Logo
Search Icon

යෙසායා 35:5-10

යෙසායා 35:5-10 SCV

එකල අන්ධයින්ගේ ඇස් අරිනු ලැබේ. බිහිරන්ගේ කන් ඇසෙන්නට සැලසේ. එකල, කොර මිනිසා මුවකු සේ පැන පැන දුවනු ඇත. ගොළු මිනිසාගේ දිව ප්‍රීතිය නිසා කෑ ගසනු ඇත. පාළුකරයේ ඇළදොළ දිය ගලා යනු ඇත. කාන්තාරයේ ජල ධාරා ගලා බසිනු ඇත. ගිනිගත් වැල්ල, දිය පොකුණක් වනු ඇත. පිපාසිත බිමෙහි දිය උල්පත් පැන නගිනු ඇත. සිවලුන් ලැගුම් ගත් තිප්පොළවල තෘණ, බට ගස් හා පන් වැඩෙනු ඇත. එහි මහ මාවතක් වන්නේ ය. ශුද්ධත්වයේ මාර්ගය නමින් එය හැඳින්වෙනු ඇත. අපවිත්‍ර කිසිවකුත් එහි ගමන් ගන්නේ නැත. එය ඒ මාර්ගයේ ඇවිදින අයට ම ය. අනුවණයින් පවා එහි මංමුළා වන්නේ නැත! සිංහයින් එහි නො වනු ඇත. රුදුරු කිසි සතකු එහි නැගිටිනු නැත. උන් කිසිවකු එහිදී දැකිය නො හැක. එහෙත් මුදනු ලැබූවන් පමණක් එහි ගමන් ගනු ඇත. ස්වාමින්වහන්සේ විසින් මුදනු ලැබූවන් යළි පෙරළා එනු ඇත. ඔවුන් ප්‍ර්‍රීති නාද පවත්වමින්, සියොන වෙත පිවිසෙනු ඇත. සදාතනික ප්‍රීතිය, ඔවුන්ගේ හිස් පැලඳෙනු ඇත. සොම්නස හා ප්‍රීතිය, ඔවුන් වට කොට ගැනේ. ශෝකය හා සුසුම්, ඉවත පලා දිවේ.