යෙසායා 35:4-6
යෙසායා 35:4-6 SCV
බියසුළු හදක් ඇත්තවුන්ට මෙසේ කියන්න: “බලවත් වන්න. භය නො වන්න. මෙන්න ඔබේ දෙවියන්වහන්සේ පළි ගැනීමට එන සේක. උන්වහන්සේ දිව්‍ය පල විපාක දීමට එන සේක. ඔබ ගලවා ගැනීමට එන සේක.” එකල අන්ධයින්ගේ ඇස් අරිනු ලැබේ. බිහිරන්ගේ කන් ඇසෙන්නට සැලසේ. එකල, කොර මිනිසා මුවකු සේ පැන පැන දුවනු ඇත. ගොළු මිනිසාගේ දිව ප්‍රීතිය නිසා කෑ ගසනු ඇත. පාළුකරයේ ඇළදොළ දිය ගලා යනු ඇත. කාන්තාරයේ ජල ධාරා ගලා බසිනු ඇත.





