උත්පත්ති 29:18-28
උත්පත්ති 29:18-28 SCV
යාකොබ් රාඛෙල්ට පෙම් බැන්දේ ය. එබැවින් ඔහු, “ඔබේ බාල දියණිය, රාඛෙල් උදෙසා මම හත් අවුරුද්දක් ඔබට වැඩ කරන්නෙමි” යි කීවේ ය. ලාබාන් පිළිතුරු දෙමින්, “මා වෙනත් කෙනකුට දෙනවාට වඩා, නුඹට ඇය දීම හොඳ ය. මා සමඟ මෙහි නවතින්නැ” යි කීවේ ය. මෙසේ, රාඛෙල් ලබා ගැනීමට යාකොබ් හත් අවුරුද්දක් මෙහෙ කළේ ය. එහෙත්, ඇය වෙත වූ ඔහුගේ ප්‍රේමය නිසා ඒවා ඔහුට පෙනුණේ ස්වල්ප දවසක් මෙනි. ඉන්පසු යාකොබ්, ලාබාන්ට කතා කොට, “මගේ සේවා කාලය මා සම්පූර්ණ කර ඇති නිසා, මගේ බිරිඳ හා එක් වන්නට ඇය මට බාර දෙන්නැ” යි ඉල්ලී ය. එවිට ලාබාන් එහි සිටි සියලු ජනයා එක් රැස් කරවා, මංගල සාදයක් පැවැත්වී ය. සවස් වූ කල ඔහු තම දියණිය වූ ලෙයා කැඳවාගෙන ගොස්, යාකොබ්ට බාර දුන්නේ ය. යාකොබ් ඇය හා සයනය කළේ ය. ලාබාන් තම දාසිය වන සිල්පා තම දියණිය වූ ලෙයාට සේවිකාවක වශයෙන් දුන්නේ ය. උදෑසන පැමිණි කල මෙන්න! එහි වූයේ ලෙයා ය. එබැවින් ලාබාන් ඇමතූ යාකොබ්, “මොකක් ද මේ නුඹ මට කළේ? මා නුඹට මෙහෙ කළේ රාඛෙල් සඳහා නො වේ ද? නුඹ මා රැවටුවේ කිම දැ?” යි ඇසී ය. ලාබාන් පිළිතුරු දෙමින්, “වැඩිමල් තැනැත්තීට පළමු බාල දූ දීග දීම අප රටේ සිරිත නො වේ. මැගේ මංගල සතිය සම්පූර්ණ කරන්න. එවිට අනෙක් තැනැත්තියත් අපි ඔබට දෙන්නෙමු. එහි හිලව්වට ඔබ කළ යුත්තේ තවත් හත් අවුරුද්දක් මට වැඩ කර දීම යැ” යි කීවේ ය. යාකොබ් එසේ කළේ ය. ඔහු ඇගේ සතිය සම්පූර්ණ කළේ ය. එවිට ලාබාන් තම දියණිය වූ රාඛෙල් ඔහුගේ බිරිඳ කොට දුන්නේ ය.





