YouVersion Logo
Search Icon

උත්පත්ති 26:1-6

උත්පත්ති 26:1-6 SCV

එකල දේශයේ සාගතයක් විය. මෙය කලින් ආබ්‍රහම්ගේ කාලයේ පැවති එක නො වේ. එබැවින් ඊසාක් පිලිස්තිවරුන්ගේ රජු වූ අබිමෙලෙක් වෙත ගෙරාර් බලා ගියේ ය. ස්වාමින්වහන්සේ ඊසාක්ට පෙනී, “ඊජිප්තුවට නො යන්න; මා ඔබට පවසන දේශයේ වාසය කරන්න. මේ දේශයේ විදේශී ව සිටින්න. මම ඔබ සමඟ සිටිමින්, ඔබට ආශිර්වාද කරන්නෙමි. ඔබටත්, ඔබෙන් පැවත එන්නන්ටත් මම මේ දේශ සියල්ල දෙන්නෙමි. එමඟින්, ඔබේ පියා වූ ආබ්‍රහම්ට මා ශපථ කළ දිවුරුම ස්ථිර කරන්නෙමි. මම, ඔබෙන් පැවතෙන්නන් අහසේ තරු මෙන් අසංඛ්‍ය වන්නට සලස්වා, මේ දේශ සියල්ල ම ඔවුනට දෙන්නෙමි. ඔබගේ වංශය තුළින් මිහි පිට සියලු ජාතීන් ආශිර්වාද ලබනු ඇත. මන්ද ආබ්‍රහම් මට කීකරු වී, මගේ නියමය ද මගේ ආඥා ද මගේ නියෝග ද මගේ උපදෙස් ද රක්ෂා කළ නිසා යැ” යි පැවසූ සේක. එබැවින් ඊසාක් ගෙරාර්හි වාසය කළේ ය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 26:1-6