උත්පත්ති 20:8-11
උත්පත්ති 20:8-11 SCV
පසු දින අලුයම් උදෙන් පිබිදුණු අබිමෙලෙක්, තම සියලු සේවකයින් කැඳවී ය. සිදුව ඇති සියල්ල ඔහු ඔවුන්ට පැවසූ කල, ඔවුහු මහත් සේ තැති ගත්හ. ඉන්පසු අබිමෙලෙක්, ආබ්‍රහම් කැඳවා, ඔහු අමතමින්, “මොකක් ද මේ නුඹ අපට කළේ? මේ තරම් බරපතළ පාපයක් මා පිටත්, මගේ රාජධානිය පිටත් පැටවීමට මා නුඹට කළ වරද කුමක් ද? නුඹ මට කර ඇත්තේ අකටයුත්තකැ” යි දෝෂාරෝපණ කළේ ය. යළි ආබ්‍රහම් ඇමතූ අබිමෙලෙක්, “මෙසේ කරන්නට හේතුව කුමක් දැ?” යි ඇසී ය. ආබ්‍රහම් පිළිතුරු දෙමින්, “මා සිතා සිටියේ ‘මෙහි සැබවින් ම දේව භයක් නැත කියායි. එබැවින් මගේ බිරිඳ නිසා ඔවුන් මා මරා දමනු ඇත’ කියායි.





