YouVersion Logo
Search Icon

උත්පත්ති 17:15-19

උත්පත්ති 17:15-19 SCV

දෙවියන්වහන්සේ තවදුරටත් ආබ්‍රහම් ඇමතූ සේක්, “සාරයි ගැන කියතහොත්, ඔබ තවදුරටත් ඔබේ භාර්යාව, සාරයි නමින් අමතන්නේ නැත. ඇගේ නම මින් මතු සාරා වනු ඇත. මම ඇයට ආශිර්වාද කරන්නෙමි. නියතයෙන් ම ඇගෙන් ඔබට පුතකු ලබා දෙන්නෙමි. මම ඇයට ආශිර්වාද කරන්නෙමි. ඈ, ජාතීනට මව වන්නී ය. ජනතාවගේ රජුන් ඇය වෙතින් බිහිවනු ඇතැ” යි පැවසූ සේක. ආබ්‍රහම් මුහුණ බිමට නමා, වැඳ වැටුණේ ය. ඔහුට සිනා ගියේ ය. “අවුරුදු සීයක් වයස්ගත කෙනකුට දාව, පුතකු බිහි වෙයි ද? සාරා, ඇගේ වයස අනූවේදී දරුවකු ලබන්නේ දැ?” යි තමාට ම කියා ගත්තේ ය. ආබ්‍රහම් දෙවියන්වහන්සේ අමතමින්, “අහෝ, ඔබවහන්සේගේ ආශිර්වාද යටතේ ඉෂ්මායෙල් ජීවත් වේවා!” යි පැවසී ය. එවිට දෙවියන්වහන්සේ, “සැබවින් ම ඔබේ බිරිඳ සාරා, ඔබට පුතකු බිහි කර දෙනු ඇත. ඊසාක් නමින් ඔබ ඔහු ඇමතිය යුතු ය. ඔහු සමඟ මගේ ගිවිසුම සදාතනික ගිවිසුමක් කොට මා පිහිටුවන්නේ, ඔහුගෙන් පසු ඔහුගේ දරු පරපුර සඳහා ය.

Free Reading Plans and Devotionals related to උත්පත්ති 17:15-19