YouVersion Logo
Search Icon

ගලාති 3:10-14

ගලාති 3:10-14 SCV

මන්ද ව්‍යවස්ථාවේ ක්‍රියා මත යැපෙන සියල්ලන් ශාපයකට යටත් ය, මන්ද: “ව්‍යවස්ථා පොතේ ලියන ලද සියලු දේහි පැවත නො සිටින, ඒවා නො පිළිපදින හැම කෙනෙක් ම ශාප ලද්දෙකි” යි ලියා තිබේ. ව්‍යවස්ථාව මගින් කිසිවකු දෙවියන්වහන්සේ ඉදිරියේ නිර්දෝෂ කරනු ලබන්නේ නැති වග පැහැදිලි ය. මන්ද, “ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේ.” ව්‍යවස්ථාව ඇදහිල්ලෙන් නො වේ; ඊට වෙනස් ය. “ඒ දෑ කරන තැනැත්තා එයින් ජීවත් වන්නේ ය.” මන්ද: “ගසක එල්ලනු ලැබ සිටින හැම කෙනෙක් ම ශාප ලද්දෙකි” යි ලියා ඇති ලෙස, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා ශාපය වෙමින්, ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදා ගත්තේ, ශුද්ධාත්ම පොරොන්දුව ඇදහිල්ල තුළින් අප ලබන පිණිස, ආබ්‍රහම්ට දෙන ලද ආශිර්වාදය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළින් අන්‍ය-ජාතීනට ද අත්වන පිණිස ය.