ගලාති 1:15-17
ගලාති 1:15-17 SCV
එහෙත් මව් කුස පටන් මා වෙන් කර ගෙන, ස්වකීය අනුග්‍රහයෙන් මා කැඳවූ තැනැන්වහන්සේ, ස්වකීය පුත්‍රයාණන් මට එළිදරවු කිරීමට කැමති වූයේ, මා අන්‍ය-ජාතීන් අතරේ උන්වහන්සේ දේශනා කරන පිණිස ය. එකෙණෙහි ම මා කිසි මිනිසකුගෙන් උපදෙස් සෙව්වේ නැත; මට කලින් අපෝස්තුලුවරුන් ව සිටි අය දකින්නට මා යෙරුසලම් වෙත ගියේ ද නැත. මම අරාබියට ගොස්, පසුව දමස්කය වෙත ආපසු ආවෙමි.





