එසකියෙල් 18:21-22
එසකියෙල් 18:21-22 SCV
“එහෙත් දුෂ්ට කෙනකු තමන් කළ සියලු පව්වලින් ඉවත හැරී, මගේ නියමයන් සියල්ල රක්ෂා කරන්නේ නම් හා යුක්තියත් සාධාරණයත් කරන්නේ නම්, ඔහු සැබවින් ම ජීවත් වෙයි. ඔහු මියෙන්නේ නැත. ඔහු විසින් කරන ලද පාප අපරාධ කිසිවක් ඔහුට එරෙහිව සිහි නො කෙරේ. ඔහු කර ඇති දමිටුකම් හේතුවෙන් ඔහු ජීවත් වෙයි.





