නික්මයාම 16:4-8
නික්මයාම 16:4-8 SCV
එවිට ස්වාමින්වහන්සේ මෝසෙස්ට කතා කොට, “මෙන්න! මම නුඹලාට අහසින් ආහාර වැසි වස්සන්නෙමි. ජනයා ඒ ඒ දවසේ පිටතට ගොස්, ඒ දවසට ප්‍රමාණවත් තරම එකතු කර ගත යුතු ය. මේ අයුරින් මම ඔවුන් පරීක්ෂා කර, ඔවුන් මගේ උපදෙස් පිළිපදිනවාදැයි බලමි. හය වන දවසේ ඔවුන් ගෙනෙන දැයින් අහර පිළියෙල කර ගත යුතු ය. එය අනෙක් දවස්වල ඔවුන් එකතු කරන ප්‍රමාණය මෙන් දෙගුණයක් යැ” යි පැවසූ සේක. එබැවින් මෝසෙස් හා ආරොන් සියලු ඉශ්‍රායෙල්වරුන් අමතමින්, “ඊජිප්තු දේශයෙන් පිටතට නුඹලා ගෙන එන ලද්දේ, ස්වාමින්වහන්සේ ම වග සවස නුඹලා දැනගනු ඇත. උදයේ නුඹලා ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය දකිනු ඇත. මන්ද ස්වාමින්වහන්සේට එරෙහි වූ නුඹලාගේ මැසිවිලි උන්වහන්සේට ඇසී ඇත. අපට එරෙහිව මැසිවිලි නගන්නට අප කවුරු දැ?” යි පැවසූහ. තවද මෝසෙස්, “සවස ඔබට කෑමට උන්වහන්සේ මස් සපයා දෙන විටත්, උදයේ ඔබට ඇති තරම් ආහාර සපයා දෙන විටත්, ඒ ස්වාමින්වහන්සේ ම වග නුඹලා දැනගනු ඇත. මන්ද ස්වාමින්වහන්සේට එරෙහිව නුඹලාගේ මැසිවිලි උන්වහන්සේට ඇසී ඇත. අප කවුරු ද? නුඹලා මැසිවිලි නගන්නේ අපට එරෙහිව නො ව, ස්වාමින්වහන්සේට එරෙහිව යැ” යි පැවසී ය.





