නික්මයාම 1:15-22
නික්මයාම 1:15-22 SCV
ඉන්පසු ඊජිප්තු රජ, ෂිෆ්රා හා පූවා යන හෙබ්‍රෙව් වින්නඹුවනට කතා කොට, “නුඹලා හෙබ්‍රෙව් ස්ත්‍රීන්ට වින්නඹුකම් කරන විට ප්‍රසූති යහනේදී විපරමින් බලා, පිරිමි දරුවකු නම් මරා දමනු; නමුත් ගැහැනු දරුවකු නම් ජීවත් වුණා වේ” යි කීවේ ය. එහෙත් වින්නඹුවෝ දෙවියන්වහන්සේට භය පක්ෂපාතී වූවෝ, ඊජිප්තු රජු තමන්ට කී දේ නො කොට, පිරිමි දරුවන්ට ද ජීවත් වන්නට ඉඩ හළහ. එවිට ඊජිප්තු රජ වින්නඹුවන් කැඳවා, ඔවුන් අමතමින්, “ඇයි, නුඹලා මෙහෙම කළේ? පිරිමි ළමයින්ටත් ජීවත් වන්නට ඉඩ දුන්නේ ඇයි දැ?” යි ඇසී ය. වින්නඹුවෝ පාරාවෝට උත්තර දෙමින්, “හෙබ්‍රෙව් ස්ත්‍රීන්, ඊජිප්තු ස්ත්‍රීන් වාගේ නො වේ. ඔවුන් ශක්තිමත්; එබැවින් වින්නඹුවන් ළං වන්නට කලින් ඔවුහු ප්‍රසූත කරති” යි කීවෝ ය. එබැවින් දෙවියන්වහන්සේ වින්නඹුවන්ට කරුණා පෑ සේක. ජනයා වැඩි වී, ගණනින් ද අධික වන්නට වූහ. වින්නඹුවන් දෙවියන්වහන්සේට භය පක්ෂපාතී වූ නිසා, උන්වහන්සේ ඔවුන්ගේ ම වූ වංශයක් ඔවුන්ට දුන් සේක. ඉන්පසු පාරාවෝ තම මුළු ජනතාවට ම නියෝග කරමින්, “හෙබ්‍රෙව්වන්ට උපදින හැම පිරිමි දරුවකු ම නුඹලා නයිල් ගඟට වීසි කළ යුතු ය. එහෙත් ගැහැනු දරුවන්ට ජීවත් වෙන්නට හරිනු” යි දැන්වී ය.





