YouVersion Logo
Search Icon

එස්තර් 9:20-23

එස්තර් 9:20-23 SCV

මොර්දෙකයි මෙම සිද්ධීන් වාර්තා කරමින්, අහෂ්වේරොෂ් රජුගේ ප්‍රාන්ත මුළුල්ලෙහි ළඟ පාත මෙන් ම ඈත එපිට විසූ සියලු යුදෙව්වරුන්ට ලිපි ලියා යැවී ය. ඔහු ලියා යැවුවේ, අවුරුදු පතා අදාර් මස දාහතර වන දා හා පහළොස් වන දා උත්සව පවත්වන ලෙස ය. යුදෙව්වරුන් තම සතුරන්ගෙන් නිදහස ලද දවස් ලෙසින් ද ඔවුන්ගේ ශෝකය ප්‍රීතියටත්, ඔවුන්ගේ වැලපීම ප්‍රීති උත්සව දිනයකටත් හැරුණු මාසය ලෙසින් ද සමරන ලෙස ය. එම දවස් උත්සව දවස් හා ප්‍රීතියේ දවස් ලෙස සැමරීමටත්, එකිනෙකාට ආහාර ත්‍යාග පිළිගන්වන ලෙස හා දුප්පතුන්ට තෑගි දෙන ලෙසත් ඔහු ලියා යැවී ය. මොර්දෙකයි විසින් ඔවුන්ට ලියා දැක් වූ උපදෙස් අනුව, යුදෙව් ජනයා තමන් ඇරඹූ එම උත්සව දිගට ම පැවැත්වීමට එකඟ වූහ.

Free Reading Plans and Devotionals related to එස්තර් 9:20-23