එස්තර් 4:9-14
එස්තර් 4:9-14 SCV
හතාක් ආපසු ගොස්, මොර්දෙකයි පැවසූ දෑ එස්තර්ට වාර්තා කළේ ය. එවිට එස්තර්, හතාක්ට කතා කොට, මොර්දෙකයි වෙත ගොස්, මෙසේ කියන්නට අණ කළා ය. “රජුගේ කැඳවීමක් නැතිව, රජු හමුවට ඇතුළු මළුවට යන පුරුෂයකුට වුවත්, ස්ත්රියකට වුවත්, බලපවත්නේ මරා දමනු ලැබීම යන එක ම නීතියක් වග රජුගේ සියලු නිලධාරීහු ද රජුගේ ප්රාන්ත ජනයා ද දත්හ. ඒ අයගේ ජීවිතය රැකෙන්නේ, රජු ඒ අය වෙත රන් රාජ සෙංකෝලය දිගු කළොත් පමණි. එහෙත් තිස් දවසක් ම රජු වෙත ඇතුළට මා කැඳවනු ලැබුවේ නැතැ” යි කීවා ය. එස්තර් කී දෑ ඔවුන් මොර්දෙකයිට දැන් වූ කල, මොර්දෙකයි ඔවුන් අත එස්තර්ට පිළිතුරු ලෙස මෙසේ කියා යැවී ය: “සිතන්න එපා රජුගේ මාලිගාවේ සිටින නිසා සියලු යුදෙව් ජනයා අතරින් ඔබ පමණක් ගැලවේය කියා. මොකද මේ අවස්ථාවේ ඔබ නිශ්ශබ්ද ව සිටියොත්, යුදෙව්වරුන්ගේ සරණය හා මිදීම වෙනත් තැනකින් නැගේවි. එහෙත්, ඔබත්, ඔබේ පිය-වංශයත් විනාශ වී යාවි; මන්ද ඔය රාජකීය තනතුරට ඔබ පත් වූයේ, මේ වාගේ අවස්ථාවක් උදෙසා ම නො වේ දැයි කවුරු දනිත් ද?”





