YouVersion Logo
Search Icon

එස්තර් 4:13-16

එස්තර් 4:13-16 SCV

මොර්දෙකයි ඔවුන් අත එස්තර්ට පිළිතුරු ලෙස මෙසේ කියා යැවී ය: “සිතන්න එපා රජුගේ මාලිගාවේ සිටින නිසා සියලු යුදෙව් ජනයා අතරින් ඔබ පමණක් ගැලවේය කියා. මොකද මේ අවස්ථාවේ ඔබ නිශ්ශබ්ද ව සිටියොත්, යුදෙව්වරුන්ගේ සරණය හා මිදීම වෙනත් තැනකින් නැගේවි. එහෙත්, ඔබත්, ඔබේ පිය-වංශයත් විනාශ වී යාවි; මන්ද ඔය රාජකීය තනතුරට ඔබ පත් වූයේ, මේ වාගේ අවස්ථාවක් උදෙසා ම නො වේ දැයි කවුරු දනිත් ද?” එවිට එස්තර්, මොර්දෙකයිට ඔවුන් අත පිළිතුරු යවමින්, “ගොස්, ෂූෂන්හි සිටින සියලු යුදෙව්වරුන් එක් රැස් කර, මා උදෙසා උපවාසයක් කරන්න. තුන් දවසක් රෑ දාවල් කිසිවක් නො කා, නො බී සිටින්න. ඔබ කරන්නා වගේ මමත්, මගේ පරිවාර ළඳුන් සමඟ උපවාසයේ යෙදෙන්නෙමි. ඉන්පසු, නීතියට පටහැනි වුවත්, මම රජු වෙත යන්නෙමි. ඉතින්, මා වැනසුනොත් වැනසුනා වේ” යි දැන්වූවා ය.

Verse Image for එස්තර් 4:13-16

එස්තර් 4:13-16 - මොර්දෙකයි ඔවුන් අත එස්තර්ට පිළිතුරු ලෙස මෙසේ කියා යැවී ය: “සිතන්න එපා රජුගේ මාලිගාවේ සිටින නිසා සියලු යුදෙව් ජනයා අතරින් ඔබ පමණක් ගැලවේය කියා. මොකද මේ අවස්ථාවේ ඔබ නිශ්ශබ්ද ව සිටියොත්, යුදෙව්වරුන්ගේ සරණය හා මිදීම වෙනත් තැනකින් නැගේවි. එහෙත්, ඔබත්, ඔබේ පිය-වංශයත් විනාශ වී යාවි; මන්ද ඔය රාජකීය තනතුරට ඔබ පත් වූයේ, මේ වාගේ අවස්ථාවක් උදෙසා ම නො වේ දැයි කවුරු දනිත් ද?”
එවිට එස්තර්, මොර්දෙකයිට ඔවුන් අත පිළිතුරු යවමින්, “ගොස්, ෂූෂන්හි සිටින සියලු යුදෙව්වරුන් එක් රැස් කර, මා උදෙසා උපවාසයක් කරන්න. තුන් දවසක් රෑ දාවල් කිසිවක් නො කා, නො බී සිටින්න. ඔබ කරන්නා වගේ මමත්, මගේ පරිවාර ළඳුන් සමඟ උපවාසයේ යෙදෙන්නෙමි. ඉන්පසු, නීතියට පටහැනි වුවත්, මම රජු වෙත යන්නෙමි. ඉතින්, මා වැනසුනොත් වැනසුනා වේ” යි දැන්වූවා ය.