YouVersion Logo
Search Icon

එස්තර් 2:16-17

එස්තර් 2:16-17 SCV

රජුගේ රාජත්වයේ හත් වන වසරේ, දස වන මස වන ටේබෙත් නම් වූ මස එස්තර්, අහෂ්වේරොෂ් රජු වෙත, රජුගේ මන්දිරය වෙත ගෙන යන ලද්දී ය. රජුගේ සිත සෙසු අන් හැම ළඳකට ම වඩා, එස්තර් වෙත ඇදී ගියේ ය. සෙසු කන්‍යාවන් කවරකුටත් වඩා, රජුගේ ප්‍රසාදය හා මනාපය එස්තර් දිනා ගත්තා ය. එබැවින් ඔහු ඇගේ හිසේ රාජකීය ඔටුන්න පලඳා, වෂ්තී වෙනුවට ඇය තම බිසව කර ගත්තේ ය.