එපීස 1:19-23
එපීස 1:19-23 SCV
අදහන්නා වූ අප උදෙසා දෙවියන්වහන්සේගේ බලයේ සොයා දැනගත නො හැකි විශිෂ්ටත්වය කොතෙක් ද යන්නත් ඔබ දැනගන්නා පිණිස ය. එම බලය, දෙවියන්වහන්සේ තම පරාක්‍රමවත් ශක්තිය ක්‍රියාවේ යොදවමින්, ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවා, ස්වර්ගීක බලමණ්ඩලයන්හි ස්වකීය දකුණු පස එතුමාණන් හිඳුවමින්, ක්‍රියාත්මක කළ බලය ම ය. මේ වත්මන් යුගයේ පමණක් නො ව, මතු එළැඹෙන යුගයේත් සියලු රාජ්‍ය තන්ත්‍ර, බලධාරීන්, බලවේග හා ආධිපත්‍යයන් ද නම් කරන ලද ඕනෑ ම නාමයකට ද වඩා ක්‍රිස්තුස්වහන්සේ අතිශයෙන් උත්තරීතර කළ සේක. තවද සියලු දේ ම ක්‍රිස්තුස්වහන්සේගේ පාදයන්ට යටත් කළ දෙවියන්වහන්සේ, සභාව උදෙසා සියලු දේහි ප්‍රධාන තැනැත්තාණන් ලෙස උන්වහන්සේ නියම කළ සේක. ඒ සභාව නම්, හැම දෙයක් ම හැම ලෙසින් ම පූර්ණ කරන ක්‍රිස්තුස්වහන්සේගේ පූර්ණත්වය වන උන්වහන්සේගේ ම ශරීරයයි.





