YouVersion Logo
Search Icon

දේශනාකරු 2:4-10

දේශනාකරු 2:4-10 SCV

මම මහා ව්‍යාපෘති ක්‍රියාවට නැගුවෙමි; මම මගේ ම නිවෙස් ඉදිකර, මිදි වතු වැවුවෙමි; මම ගෙවතු ද උයන් ද තනා, ඒවායේ සකල වර්ගයේ පලතුරු ගස් සිටුවීමි. වැඩෙන එම ගස් අරඹට ජල සැපයුමට මම පොකුණු සෑදුවෙමි. මම දාසයින් හා දාසීන් මිලයට ගත්තෙමි; මගේ ගෙදර උපන් වෙනත් දාස දාසීන් ද මට අයත් ව සිටියහ. මට කලින් යෙරුසලමේ සිටි අන් කවරකුටත් වැඩියෙන් ගව හා එළු බැටළු රංචු ද මට සිටියේ ය. තවද මම රන් හා රිදී ද රජවරුන්ගේ හා ප්‍රාන්තවල වස්තුව ද ගොඩ ගසා ගත්තෙමි. මම ගායක ගායිකාවන් ද මනුෂ්‍ය-පුත්‍රයින්ගේ ප්‍රමෝදය වන බොහෝ අඟනන් ද පත් කර ගත්තෙමි. මට කලින් යෙරුසලමේ සිටි අන් කවරකුටත් වැඩියෙන් මම ශ්‍රේෂ්ඨත්වයෙන් අග පැමිණියෙමි. මේ හැම අතර තුර මගේ ප්‍රඥාව මා සමඟ විය. මගේ ඇස ආශා කළ කිසිවක් මවෙතින් මා වළකා ගත්තේ නැත; මා හදේ කිසි සතුටක් මා වැළැක් වූයේ නැත. මගේ හැම පරිශ්‍රමයකින් ම, මගේ හද ප්‍රමෝදවත් විය; මගේ මුළු පරිශ්‍රමයේ ශුභ පලය එයයි.

Free Reading Plans and Devotionals related to දේශනාකරු 2:4-10