YouVersion Logo
Search Icon

ද්විතීය 6:4-12

ද්විතීය 6:4-12 SCV

එම්බා ඉශ්‍රායෙල් මේ අසනු: ස්වාමින්වහන්සේ, අපේ දෙවියන්වහන්සේ ය; එක ම ස්වාමින්වහන්සේ ය. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ජීවයෙන් ද ඔබේ මුළු ශක්තියෙන් ද ප්‍රේම කරන්න. අද දවසේ මා ඔබට දෙන මෙම ආඥා, ඔබේ හදවතේ තබා ගැනීමට ය. ඔබේ දරුවන්ගේ සිතට ඒවා කාවද්දන්න. නිවසේ ඔබ හිඳ සිටින විට ද පාරේ ගමන් කරන විට ද ඔබ නිදා ගන්න විට හා ඔබ අවදි වන විට ද ඒවා ගැන කතා කරන්න. ඒවා ඔබේ අත්වල සංකේත ලෙසින් ද ඔබේ නළලේ නළල් පටියක් ලෙසින් ද බැඳ ගන්න. ඒවා ඔබ නිවෙස්හි උළුවහුවල ද ඔබේ දොරටුවල ද ලියා තබන්න. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන්නට, ඔබේ පියවරුන් වූ ආබ්‍රහම්ට ද ඊසාක්ට ද යාකොබ්ට ද දිවුළ දේශයට ඔබ ගෙන ආ කල, ඔබ ගොඩ නැගුවේ නැති සමෘද්ධිමත් විශාල නගර ද ඔබ ම සපයා ගත්තේ නැති හැම යහ දෙයින් ම පිරුණු නිවෙස් ද ඔබ නො හෑරූ ළිං ද ඔබ ම වගා කළේ නැති මිදි වතු හා ඔලීව ගස් ද යනාදියෙන් යුත් දේශයට ඔබ ගෙන ආ කල, ඔබ සිත් සේ කා, බී සැනැහී සිටියදී, ඊජිප්තු දේශයෙන් පිටතට, වහල්කමේ දේශයෙන් පිටතට ඔබ ගෙන ආ ස්වාමින්වහන්සේ අමතක නො කරන්නට වග බලා ගන්න.

Free Reading Plans and Devotionals related to ද්විතීය 6:4-12