ද්විතීය 3:1-3
ද්විතීය 3:1-3 SCV
ඊළඟට අපි බාෂාන් දෙසට හැරී, ඒ මාවත ඔස්සේ ගමන් කළෙමු. බාෂාන්හි රජු වූ ඕග් ඔහුගේ මුළු හමුදාව ද කැටිව, එද්රෙයිහි දී අප හා යුධ වැදීමට අප හමුවට පෙරට ආවේ ය. ස්වාමින්වහන්සේ එවිට මා ඇමතූ සේක්, “ඔහුට භය නො වන්න. මන්ද ඔහුත්, ඔහුගේ මුළු හමුදාවත්, ඔහුගේ දේශයත් මම ඔබේ අතට හසුකර දුනිමි. අමෝරිවරුන්ගේ රජු වූ හෙෂ්බෝන්හි රජකම් කළ සීහොන්ට ඔබ කළ දේ ම මොහුටත් කරන්නැ” යි පැවසූ සේක. මෙසේ අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ බාෂාන්හි රජු වූ ඕග් ද ඔහුගේ මුළු හමුදාව ද අපේ අත්වලට බාර දුන් සේක. ඔවුන් ගසා හෙළූ අපි, ඒ එකකුදු ඉතිරි නො කළෙමු.



