YouVersion Logo
Search Icon

දානියෙල් 1:8-16

දානියෙල් 1:8-16 SCV

එහෙත් දානියෙල්, රාජ භෝජනයෙන් හා රජුගේ මිදි යුෂවලින් තමා අපවිත්‍ර කර නො ගැනීමට අධිෂ්ඨාන කර ගත්තේ ය. එබැවින් එසේ අපවිත්‍ර නො වී සිටීමට ප්‍රධාන නිලධාරියාගෙන් ඔහු අවසර ඉල්ලී ය. ප්‍රධාන නිලධාරී වෙතින් ප්‍රසාදයත්, අනුකම්පාවත් දානියෙල්ට ලැබෙන්නට දෙවියන්වහන්සේ සැලසූ සේක. එහෙත් දානියෙල් ඇමතූ ප්‍රධාන නිලධාරී, “ඔබගේ ආහාරත්, පානත් නියම කළ මගේ ස්වාමියා වන රජ්ජුරුවන්ට මම භය ඇත්තෙමි. ඔබේ වයසේ සෙසු තරුණයින්ට වඩා ඔබ වැහැරී සිටිනු ඔහු දැකිය යුත්තේ ඇයි? එසේ වුවහොත් රජු, ඔබ නිසා මගේ හිස ගනු ඇතැ” යි පැවසී ය. පසුව දානියෙල්, හනනියා, මිෂායෙල් හා අසරියා සම්බන්ධ ව ප්‍රධාන නිලධාරී විසින් පත් කරන ලද භාරකාර නිලධාරී ඇමතූ දානියෙල්, “කරුණාකර, ඔබේ සේවක අප දහ දවසක් පරීක්ෂා කර බලන්න; අපට ආහාර වශයෙන් එළවළුත්, පානයට වතුරත් පමණක් දෙන්න. ඉන්පසු අපගේ ස්වභාව, රාජ භෝජන වළඳන තරුණයින්ගේ ස්වභාව හා සසඳා බලා, ඔබට පෙනෙන දේට අනුකූලව අප ගැන කටයුතු කරන්නැ” යි ඉල්ලී ය. එබැවින් ඊට එකඟ වූ ඔහු දහ දවසක් ඔවුන් පරීක්ෂා කළේ ය. දස දවස කෙළවරදී මොවුන්, රාජ භෝජන වැළඳූ අන් කවර තරුණයකුටත් වඩා සෞඛ්‍ය සම්පන්න ව පුෂ්ටිමත් ව සිටිනු පෙනිණි. එබැවින් ඔවුනට නියමිත ප්‍රණීත ආහාර හා ඔවුන්ගේ පානයට නියමිත මිදි යුෂ ඉවත් කළ භාරකාර නිලධාරී ඒ වෙනුවට ඔවුනට එළවළු දුන්නේ ය.

Free Reading Plans and Devotionals related to දානියෙල් 1:8-16