දානියෙල් 1:11-17
දානියෙල් 1:11-17 SCV
පසුව දානියෙල්, හනනියා, මිෂායෙල් හා අසරියා සම්බන්ධ ව ප්‍රධාන නිලධාරී විසින් පත් කරන ලද භාරකාර නිලධාරී ඇමතූ දානියෙල්, “කරුණාකර, ඔබේ සේවක අප දහ දවසක් පරීක්ෂා කර බලන්න; අපට ආහාර වශයෙන් එළවළුත්, පානයට වතුරත් පමණක් දෙන්න. ඉන්පසු අපගේ ස්වභාව, රාජ භෝජන වළඳන තරුණයින්ගේ ස්වභාව හා සසඳා බලා, ඔබට පෙනෙන දේට අනුකූලව අප ගැන කටයුතු කරන්නැ” යි ඉල්ලී ය. එබැවින් ඊට එකඟ වූ ඔහු දහ දවසක් ඔවුන් පරීක්ෂා කළේ ය. දස දවස කෙළවරදී මොවුන්, රාජ භෝජන වැළඳූ අන් කවර තරුණයකුටත් වඩා සෞඛ්‍ය සම්පන්න ව පුෂ්ටිමත් ව සිටිනු පෙනිණි. එබැවින් ඔවුනට නියමිත ප්‍රණීත ආහාර හා ඔවුන්ගේ පානයට නියමිත මිදි යුෂ ඉවත් කළ භාරකාර නිලධාරී ඒ වෙනුවට ඔවුනට එළවළු දුන්නේ ය. මෙම තරුණයින් සිවුදෙනාට දෙවියන්වහන්සේ, සාහිත්‍යයේ හා ශිල්ප ශාස්ත්‍රයේ හැම අංගයක් ගැන ම දැනුමත්, ප්‍රඥාවත් දුන් සේක. තවද සියලු ආකාර දර්ශන හා ස්වප්න පිළිබඳ වැටහීමක් දානියෙල්ට තිබිණි.





