YouVersion Logo
Search Icon

ක්‍රියා 9:20-25

ක්‍රියා 9:20-25 SCV

කල් නො යවා දමස්කයේ සිනගෝගවලදී යේසුස්වහන්සේ දේශනා කළ සාවුල්, “උන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා යැ” යි ප්‍රකාශ කරන්නට වන්නේ ය. ඔහු එලෙස කතා කරනු ඇසූ සියල්ලෝ මවිත වී, “මේ නාමයට හඬ ගසන්නන්ට යෙරුසලමේදී මහ විනාශයක් කළේ මේ මිනිහා නො වේ ද? මොහු මෙහි ආවේත්, ඔවුන් සිරබාරයට ගෙන, නායක පූජකයින් වෙත ගෙන යෑමට නො වේ දැ?” යි ඇසූහ. එහෙත් සාවුල්, කතාවේ වඩ වඩා බලවත් වෙමින්, යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ ම වග සනාථ කරමින් දමස්කයේ විසූ යුදෙව්වරුන් නිරුත්තර කළේ ය. මෙසේ කලක් ගත වූ පසු සාවුල් මරා දැමීමට යුදෙව්වරු කුමන්ත්‍රණ කළහ. එසේ වුව ද ඔවුන්ගේ උපාය මාර්ගය සාවුල්ට දැනගන්නට ලැබිණි. ඔහු මරා දැමීමේ අදහසින් ඔවුහු දිවා රෑ දෙක්හි නගර දොරටු රැක සිටියහ. එහෙත් ඔහුගේ ගෝලයෝ, රැයක ලොකු කූඩයක සාවුල් හිඳුවා, නගර පවුරේ වූ කපොල්ලක් තුළින් නගරයෙන් පිටතට ඔහු බැස්සූහ.

Free Reading Plans and Devotionals related to ක්‍රියා 9:20-25