YouVersion Logo
Search Icon

2 තෙසලෝනික 1:5-10

2 තෙසලෝනික 1:5-10 SCV

දෙවියන්වහන්සේගේ විනිශ්චය යුක්ති සහගත බවට මේ සියල්ල ඔප්පු සාධක වෙයි. මෙහි ප්‍රතිඵලය නම් ඔබ දෙවියන්වහන්සේගේ රාජ්‍යය උදෙසා දුක් ඉසිලීමෙන්, ඒ රාජ්‍යයට සුදුස්සන් සේ ගණන් ගනු ලැබීම ය. දෙවියන්වහන්සේ සාධාරණ ය; ඔබට දුක් පීඩා කළවුන්ට උන්වහන්සේ දුක් පීඩා පමුණු වන සේක. තවද දැන් පීඩා විඳින ඔබට මෙන් ම අපට ද උන්වහන්සේ සහනය සලසන සේක. මෙය සිදු වන්නේ යේසුස් ස්වාමින්වහන්සේ තම බලගතු දේව දූතයින් සමඟ ඇවිළෙන ගිනි ජාලාවකින් යුතු ව ස්වර්ගයෙන් ප්‍රකාශ වන කල්හි ය. එකල දෙවියන්වහන්සේ නො හඳුනන්නන්ට හා යේසුස් අප ස්වාමින්වහන්සේගේ ශුභාරංචියට කීකරු නො වන්නන්ට දඬුවම් කරන සේක. ඔවුහු සදාතන විනාශයේ දඬුවම් ලැබ, ස්වාමින්වහන්සේගේ අභිමුඛයෙන් හා උන්වහන්සේගේ පරාක්‍රමවත් තේජස ඉදිරියෙන් නෙරපා දමනු ලබන්නේ, ස්වකීය ශුද්ධවන්තයින් තුළ ගෞරව මහිම ලැබීමටත්, අපේ සාක්ෂිය විශ්වාස කළ ඔබ ඇතුළු ඇදහිලිවත් සියල්ලන් අතරේ විස්මයක් ඇති කිරීමටත් ස්වාමින්වහන්සේ ආපසු පැමිණෙන දවසේ ය.