YouVersion Logo
Search Icon

2 පේතෘස් 3:14-18

2 පේතෘස් 3:14-18 SCV

ඒ සඳහා ඔබ මග බලා හිඳින බැවින් ප්‍රේමණීයයනි, දෙවියන්වහන්සේ ඉදිරියේ ඔබ කැළැල් රහිත ව, දෝෂ රහිත ව සාමයෙන් සිටිනු උන්වහන්සේට සම්බ වන පිණිස හැම පරිශ්‍රමයක් ම දරන්න. අපගේ ප්‍රේමණීය සහෝදර පාවුල් ඔහුට දී ඇති ප්‍රඥාවෙන් ඔබට ලියා ඇති පරිදි, අපගේ ස්වාමින්වහන්සේගේ ඉවසිල්ලේ අරුත ගැලවීම සැලැසීම බව සිත්හි තබා ගන්න. ඔහු තම ලිපි මගින් මේ කරුණු ගැන පවසද්දී හැම ලිපියක ම ලියන්නේ මේ දේ ම ය. වටහා ගැන්මට අපහසු ඇතැම් දෑ ඔහුගේ ලිපිවල අඩංගු වෙයි. නූගත්, චපල සිතැත්තෝ අනෙක් ශුද්ධ ලියවිලි මෙන් ම මේවා ද තමන්ගේ විනාශයට විකෘති කොට දක්වති. එබැවින් ප්‍රේමණීයයනි, මේ ගැන කල්තියා ම ඔබ දන්නා බැවින් නොපනත් මිනිසුන්ගේ වරදින් මුළාව නො යා, ඔබගේ ස්ථාවරත්වයෙන් ඇද නො වැටෙන්නට වග බලා ගන්න. තවද අපගේ ස්වාමියාණන් ද ගැලවුම්කරුවාණන් ද වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහයේත්, දැනගැන්මෙත් වැඩි වර්ධනය වන්න.

Free Reading Plans and Devotionals related to 2 පේතෘස් 3:14-18