YouVersion Logo
Search Icon

2 රාජාවලිය 10:10-17

2 රාජාවලිය 10:10-17 SCV

ස්වාමින්වහන්සේ ආහාබ්ගේ වංශයට එරෙහිව පැවසූ තමන්වහන්සේගේ එක් වචනයකුදු නො වරදින වග මෙයින් දැනගන්න. ස්වාමින්වහන්සේ ස්වකීය සේවක එලියා මගින් කී දේ ඉටු කර තිබේ යැ” යි පැවසී ය. යේහූ එබැවින් ආහාබ්ගේ වංශයෙන් යෙස්රෙයෙල්හි ඉතිරි ව සිටි සියල්ලන් ද ඔහුගේ ප්‍රධානී සියල්ලන් ද ඔහුගේ හිත මිතුරන් ද ඔහුගේ පූජකයින් ද මරා දැම්මේ, ජීවත් වන කිසිවකු ආහාබ්ට ඉතිරි නො කරමිනි. යේහූ එතැනින් පිටත් ව සමාරිය දෙසට ගියේ ය. එඬේරුන්ගේ බෙත්-ඒකෙද් ළඟදී, ඔහුට යූදා රජු වූ අහසියාගේ සහෝදරයින් කීප දෙනකු මුණ ගැසිණි. “ඔබ කවුරුන් දැ?” යි ඔහු ඇසී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “අපි අහසියාගේ සහෝදරයෝ. රජුගේ හා මව් බිසවගේ පවුලේ අයට සුබ පතන්න ආවා” යි පැවසූහ. “පණ පිටින් ඔවුන් අල්ලා ගනු” යි ඔහු නියෝග කළේ ය. එබැවින් ඔවුහු ඔවුන් පණ පිටින් අල්ලා, බෙත්-ඒකෙද් ළිඳ ළඟදී හතළිස් දෙදෙනකු වූ ඔවුන් ඝාතන කර දැමූහ. කිසිවකුටත් බේරී යන්නට ඔහු ඉඩ හැරියේ නැත. ඔහු එතැනින් පිටත් ව යන කල, ඔහු මුණගැසෙන්නට ඔහුගේ පෙර මඟට රේකාබ්ගේ පුත් යෙහෝනාදාබ් එනු හමු විය. යේහූ ඔහුට ආචාර කොට, “මා ඔබ සමඟ හදවතින් එකඟ ව සිටින සේ ඔබත් හදවතින් එකඟ දැ?” යි ඇසී ය. “එසේ යැ” යි යෙහෝනාදාබ් පිළිතුරු දුන්නේ ය. “එසේ නම් ඔබේ අත දෙන්නැ” යි යේහූ කී ය. ඔහු එසේ අත දුන් විට යේහූ ඔහු රථයට නංවා ගත්තේ ය. යේහූ කතා කොට, “මා සමඟ අවුත්, ස්වාමින්වහන්සේ කෙරේ ඇති මගේ උද්යෝගය බලන්නැ” යි කී ය. ඉන්පසු ඔහු තමාගේ රථයේ ඔහු නැග යන්නට සැලැස්වී ය. යේහූ සමාරියට පැමිණ, ආහාබ්ගේ වංශයේ ඉතිරි ව සිටි සියලු දෙනා මරා දැමී ය; එලියා ලවා ස්වාමින්වහන්සේ පවසා තිබූ වචනය ලෙස, ඔහු ඔවුන් විනාශ කර දැමී ය.

Free Reading Plans and Devotionals related to 2 රාජාවලිය 10:10-17