YouVersion Logo
Search Icon

2 ලේකම් 20:31-37

2 ලේකම් 20:31-37 SCV

මෙසේ යෙහෝෂාෆාට්, යූදා පාලනය කළේ ය. ඔහු යූදාහි රජ බවට පත් වන කල තිස්පස් වන වියේ පසු විය. ඔහු යෙරුසලමේ වසර විසිපහක් රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම අසූබා ය. ඇය ෂිල්හීගේ දියණියයි. තම පියා වූ ආසාගේ මාර්ගවල පැවතුණු ඔහු ඉන් ඉවත් වූයේ නැත; ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි හරි ව තිබූ දේ කළේ ය. එසේ වුවත් උස් තැන් පුදසුන් ඉවත් නො කෙරිණි. මේ දක්වා ම ජනතාව තම හදවත් තම පියවරුන්ගේ දෙවියන්වහන්සේ වෙත යොමු නො කළහ. යෙහෝෂාෆාට් සම්බන්ධ සෙසු කාරණා මුල පටන් අවසානය දක්වා හනානීගේ පුත් යේහූගේ ඉතිහාස පොතේ ලියැවී තිබේ. ඒවා ඉශ්‍රායෙල් රජවරුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබේ. පසුව යූදා රජු වූ යෙහෝෂාෆාට්, ඉශ්‍රායෙල් රජු වූ, දුෂ්ට ලෙස ක්‍රියා කළ අහසියා සමඟ එකතු විය. තර්ෂිෂ්ට යෑම සඳහා නැව් සාදන්නට යෙහෝෂාෆාට් ඔහු හා එක් විය. ඔවුහු එසියොන්-ගෙබෙර්හි දී ඒවා තැනූහ. මාරේෂාහි දොදාවාහුගේ පුත් එලියේසර්, යෙහෝෂාෆාට්ට එරෙහිව දිවැස් වැකි පවසමින්, “ඔබ අහසියා සමඟ එක් වූ බැවින් ස්වාමින්වහන්සේ ඔබ සෑදූ දේ විනාශ කරන සේකැ” යි කී ය. මෙසේ නැව් කැඩී බිඳී යාම නිසා තර්ෂිෂ්ට යාත්‍රා කරන්නට නො හැකි විය.

Video for 2 ලේකම් 20:31-37