YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 4:19-22

1 සාමුවෙල් 4:19-22 SCV

ඔහුගේ ලේළිය, පීනෙහාස්ගේ බිරිඳ, ගැබ් ගෙන, දරු ප්‍රසූතියට ළං ව සිටියා ය. දෙවියන්වහන්සේගේ කරඬුව අල්ලා ගනු ලැබූ වගත්, ඇගේ මාමණ්ඩිය හා ඇගේ සැමියා මිය ගිය වගත් ඇසූ ඈ නැමී, දරුවකු බිහි කළා ය. ඇගේ ප්‍රසව වේදනා ඇයට දැරිය නො හැකි තරම් විණ. ඇයට උපස්ථාන කළ ස්ත්‍රීහු ඇය මැරෙන මොහොතේ ඇය අමතමින්, “භය වන්න එපා. ඔබ පුතකු බිහි කර ඇතැ” යි කීහ. එහෙත් ඈ ඊට පිළිතුරු දුන්නේ නැත. ඒ ගැන ගණන් ගත්තේ ද නැත. “ඉශ්‍රායෙල් වෙතින් තේජස බැහැර විය” යයි පවසමින් ඈ, දරුවාට ඊකාබොද් යයි නම් තැබුවා ය. මන්ද දෙවියන්වහන්සේගේ කරඬුව අල්ලා ගනු ලැබීමත්, ඇගේ මාමණ්ඩියගේ හා ඇගේ සැමියාගේ වියෝවත් නිසා, “දෙවියන්වහන්සේගේ කරඬුව හසු වී ඇති බැවින්, ඉශ්‍රායෙලය වෙතින් තේජස පහව ගොස් ඇතැ” යි ඈ කීවා ය.

Video for 1 සාමුවෙල් 4:19-22