1 සාමුවෙල් 1:12-15
1 සාමුවෙල් 1:12-15 SCV
ඇය ස්වාමින්වහන්සේ අබියස යාච්ඤා කරද්දී, ඒලී ඇගේ මුව දෙස බලා සිටියේ ය. හන්නා යාච්ඤා කළේ ඇගේ හදවතින් ය. ඇගේ තොල් සැලුණා විනා ඇගේ කටහඬ ඇසුණේ නැත. එබැවින් ඇය බීමත් ව සිටිතැයි සිතූ ඒලී, ඇය අමතමින්, “තව කොපමණ වේලා නුඹ බීමත් ව හැසිරෙනවා ද? නුඹේ මිදි යුෂ මතින් මිදෙන්නැ” යි කීවේ ය. හන්නා පිළිතුරු දෙමින්, “එසේ නො වෙයි මා ස්වාමිනි, මා හොඳටෝ ම දුකට පත් ස්ත්‍රියක්; මා මිදි යුෂ හෝ අන් මත්පැනක් බීලා නො වේ. මා කළේ ස්වාමින්වහන්සේ ඉදිරියේ මගේ සිත්සතන් වැගිරවීමයි.





